The 100

The 100

Download Sinhala Subtitle

Season 1

Release info

The 100 S01 E01-E13 720p WEB-DL 2CH x265 HEVC (All Episodes)
A Commentary by LightGrey
Re-Synced to "The 100 S01 Complete Season 1 WEB-DL 720p x265 HEVC" [TorrentHash: 094F86AF261111BAFDC572D7132528BE7427FAD0] | රොයිලි ප්‍රනාන්දු @ බයිස්කෝප් සිංහලෙන්

Tags

Web-DL
web-dl
web
WEB-DL
720p
720
x265
HEVC
2CH
Published on: 2016-11-07
Downloads: 105
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

මගේ මුහුණට හිරුගේ උණුසුම දැනෙනවා.

මා වටේම තියෙන ගහකොළ මට පේනවා.

කැලෑමල් වල සුවඳ මඳ සුළඟේ රැඳිලා තියෙනවා.

ඒක ගොඩක් ලස්සනයි.

මේ මොහොතේ මම සිටින්නේ පිළිසරණයක් නැති අභ්‍යවකාශයේ නොවේ.

පෘථිවියේ සියළු දෙනා විනාශ වූ න්‍යෂ්ටික විනාශයෙන් අවුරුදු 97ක් ගෙවී අවසන්.

ග්‍රහලෝකය විකිරණවලින් තැම්බෙමින් තිබෙනවා.

වාසනාවට දිවි බේරාගත් අය සිටී.

බෝම්බ පිපිරුණූ වේලාවේ ජාතින් 12 කට අයිති අභ්‍යවකාශ මධ්‍යස්ථාන තිබිණී.

දැන් ඇත්තේ ආක් මධ්‍යස්ථානය පමණී.

බොහෝ සංඛ්‍යාවකින් සාදනු ලැබූ තනි මධ්‍යස්ථානයකි.

පෘථිවියේ නැවත වාසය කිරීමට අවුරුදු 100 ක් බලා සිටිය යුතු බව පවසන ලදී.

අභ්‍යවකාශයේ සිරවූ තවත් පරම්පරා 4 කට පසුව මිනිසා හට නැවත භූමියට යා හැක.

භූමිය යනු සිහිනයයි. මේ යථාර්ථයයි.

රැඳවි 319, බිත්තිය දෙස හැරෙන්න.

යථාර්ථය අප්‍රීයජනකය.

මේ මොකද?

නිශ්ශබ්ධ වෙන්න. දකුණු අත දෙන්න.

නෑ, නෑ, තාම මගේ වෙලාව ආවේ නෑ.

තව මාසයක් යනකම් මට 18 ලබන්නෙ නෑ.

- අත දෙන්න. - ආක් මත සෑම අපරාධයකටම...

...කොතරම් සුළු එකක් වුවද, දඬුවම මරණයයි.

- ...අවුරුදු 18 ට අඩු නම් ඇරෙන්න. - ඔයගේ අත් ඔර්ලෝසුව.

නෑ, ඒක මගේ තාත්තගේ.

- ගලවන්න. - එපා.

- ඒයි! - එපා.

තරුණ රැඳවියන් මෙතන රඳවනු ලබනවා.

අපි එයට කියන්නෙ ගගන මැදිරිය ලෙසයි.

රැඳවි 319...

ක්ලාක් නවතින්න. මෙතන නවතින්න.

අම්මා? මොකක්ද මේ වෙන්නෙ?

මොකෝ මේ?

එන්න, යමු.

එයාල අපිව මරණව නේද?

ඉතුරු වෙන ඔයාලට වැඩි කාලයක් ලැබෙන්න ජනගහනය අඩු කරනවා නේද?

ක්ලාක්, ඔයාව මරන්නෙ නෑ.

ඔයාලව භූමියට යවනවා.

ඔයලා සිය දෙනාවම.

මොකක්? ඒත් එහෙ ආරක්ෂිත නෑ.

නෑ, නෑ.

18 දී අපිව ආපහු සමාලෝචනය කරනවා.

නීති වෙනස් වුණා.

මේකෙන් ඔයාලට ජිවත් වෙන්න අවස්ථාවක් ලැබෙනවා.

ඔයාගේ සහජ ඥානයෙක් ඔයාට කියාවී අනික් අය ගැන මුලින් බලන්න කියලා...

...හරියට ඔයාගේ තාත්තා වගේ. ඒත් පරිස්සමෙන්.

මට ඔයාවත් නැති කර ගන්න බෑ. මම ඔයාට ගොඩක් ආදරෙයි.

පෘථිවියට, ක්ලාක්. ඔයාලට පෘථිවියට යන්න වෙනවා.

සාදරයෙන් නැවතත් පිළිගන්නවා.

- බලන්න. - වෙල්ස් මොන මඟුලක්ද මෙතන කරන්නෙ?

හිරකාරයන්ව භූමියට යවනවා කියලා දැනගත්තහම මම විහින් අත් අඩංගුවට පත්වුණා.

මම ආවේ ඔයා වෙනුවෙන්.

- ඒ මොකක්ද? - ඒ වායුගෝලය.

රැඳිවියෙනි, මේ අහන්න.

ඔබට තව අවස්ථාවක් ලැබී තියෙනවා.

ඔබගේ නායකයා විදියට මම බලාපොරොත්තු වෙනවා, ඔබ මේක...

...ඔබට දුන් අවස්ථාවක් ලෙස නොව, අප හැමෝම වෙනුවෙන් දුන් අවස්ථාවක් ලෙස සලකාවි කියා.

මුලු මහත් මනුෂ්‍යත්වය වෙනුවෙන්ම.

පහල කුමක් තියෙනවද කියලා අපි දන්නෙ නෑ.

පණබේරාගැනීමේ අවස්ථා ඉහලයි නම්...

...අපි වෙන අයව එවන්න තිබ්බා.

අවංකවම අපි ඔයාලව යවන්නෙ ඔයාලගේ අපරාධ හින්දයි.

ඔයාගේ තාත්තා අපතයෙක් වෙල්ස්.

ඒ අපරාධ වලට සමාව ලැබේවී.

ඔබගේ වාර්තා පිරිසිඳුයි.

මම දැක්කා විනාඩි 20 කට කලින් එකක් යනවා.

කවුද ඒකේ උන්නෙ?

ඒ හිරකාරයෝද? එයාල තාම ළමයි.

එයාලා යන්නෙ පෘථිවියටද? මොකක් හරි වෙනසක් වෙලාද?

මම කිව්වා වගේම මේ වතාවේ...

...අපිට කිසි දෙයක් තහවුරු කරන්නවත් ප්‍රතික්ෂේප කරන්නවත් බෑ.

අයියෝ!

මගේ දරුවා ඒ යානයේ උන්නා.

බස්සන ස්ථානය පරිස්සමෙන් තෝරාගනු ලැබූවක්.

අවසාන යුද්ධයට කලින් මවුන්ට් වෙදර්...

...කියන්නෙ කන්දක් තුල හදපු හමුද කදවුරක්.

ඒකේ අසුරලා තිබ්බ්බා මිනිස්සු 300 දෙනෙක්ට අවුරුදු 2 කට සෑහෙන තරම් කල් ඉකුත් නොවන ආහාර ද්‍රව්‍ය.

අභ්‍යවකාශයේ ඇවිදින හොරා ආපහු වැඩ පටන් අරගෙන.

නියමයි ෆින්!

බලාගන්න.

ඔයාගේ තාත්තා මාව පා කළා.

පැරෂුට් එන්න කලින් ඔයා පටි තද කරගත්තොත් හොඳයි.

ඔයාලා දෙන්න ජීවත් වෙන්න ඕනා නම් ඔහොම්ම ඉන්න.

මවුන්ට් වෙදර් කියන්නනේ ජීවිතයයි.

ඔයාලා ඒ සැපයුම් ඉක්මනින් හොයාගත යුතුයි.

ඔයා තමා අවුරුදු ගානක් තනි කරලා තිබ්බ ද්‍රෝහියා.

ඔයා තමා අනවසර අභ්‍යවකාශ ඇවිදීමකට මාස ගානක ඔක්ෂිජන් නාස්ති කරපු බූරුවා.

ඒත් ඒක විනෝදජනකයි.

මම ෆින්.

ඔබලාගේ එක් වගකීමක් නම් පණපිටින් සිටීමයි.

ආසන වලම ඉන්න.

ෆින් ඔයා හොඳීන්ද?

දැන් නෙවෙයි.

සම්පූර්ණ පද්ධති අක්‍රීය වීමක්.

ඒ දිහා තමා අපි බලාගෙන ඉන්නේ.

අපි හරියටම දන්න දේ තමා එයාලා මාර්ගයෙන් පිට පැන්නා...

...සම්බන්ධතාවය නැතිවෙනකොට. ඉතින්...

මට පණිවුඩ හුවමාරුව ගැන කියන්න.

අතේ බැඳපු උපකරණය ඇරෙන්න...

...වෙන කිසි සම්බන්ධතාවයක් නෑ. ශ්‍රව්‍ය, දෘශ්‍ය.

පරිගණක සබඳතා නෑ.

ඔවුන්ට උදව් කරන්න අපි සකස් කරපු හැමදෙයක්ම අක්‍රීයයි.

ඔවුන් තනිවෙලා.

පසු රොකට් දැන් ක්‍රියාත්මක වෙන්න ඕනා.

හරි, මේ යානයේ හැමදෙයක්ම දැන අවුරුදු 100ක් පරණයි නේ?

තත්පරයක් දෙන්න.

ක්ලාක්, මට කියන්න දෙයක් තියෙනවා.

මට සමාවෙන්න ඔයාගේ තාත්තව අහුකරපු එක ගැන.

මගේ තාත්තා ගැන කතා කරන්න එපා.

අනේ මට මැරෙන්න බෑ ඔයා මට වෛර කළා කියලා දැන දැන.

උන් මගේ තාත්තව අල්ලගත්තෙ නෑ වෙල්ස්.

උන් එයාව මරලා දැම්මා. මම ඔයාට වෛර කරනවා.

අහන්න.

කිසිම යන්ත්‍ර ශබ්ධයක් නෑ.

ඒ මුල්ම එක.

ෆින්, එයා හුස්ම ගන්නවද?

පහල මට්ටමේ එලියේ දොරවල්.

- යමු. - එපා.

අපිට නිකන්ම දොරවල් අරින්න බෑ.

පස්සට වෙන්න කොල්ලනේ.

නවතින්න.

වාතය විෂ වෙන්න පුළුවන්.

එහෙම වුණත් අපි ඔක්කොම මැරෙනවා කොහොමත්.

බෙලමි?

දෙවියනේ බලන්න ඔයාගේ ලොකු.

මොන මඟුලක්ද ඇඳගෙන ඉන්නෙ?

මුරකාරයෙක්ගේ නිල ඇඳූමක්?

මම එකක් ඉල්ල ගත්තා යානයට නැගගන්න.

කවුරුහරි ඔයා දිහා ඇහැ ගහගෙන ඉන්න ඕනා.

කෝ ඔයාගේ අත් පටිය?

වැඩක් බලාගන්නවද?

මම සහෝදරයව අවුරුදු ගානකින් දැකල නෑ.

කාටවත් සහෝදරයෙක් නෑ.

ඒ ඔක්ටාවියා බ්ලේක්,

යට හැංගිලා ඉඳලා හොයාගත්ත කෙනා.

ඔක්ටාවියා, ඔක්ටාවියා, එපා

එයාලට වෙන දෙයක් දෙමු ඔයාව මතක හිටින්න.

ඇත්තට? මොකක් වගේ?

අවුරුදු 100 කට පස්සෙ බිමට අඩිය තිබ්බ පළවෙනියා වගේ.

අපි ආපහු ආවා, බැල්*යෙනේ!

ඇයි ඔච්චරම සිරාවට කරන්නෙ කුමරියෙනි?

ඒක හරියට අපි ගින්නෙන් මැරුණා වගේ නෙවෙයිනේ.

ඒක ආසන වලින් නැඟිටලා ඔයා පස්සෙන් එන්න හැදුව දෙන්නට කියන්න.

කුමාරියක් කියනවට කැමති නෑ වගේ.

එහෙමද කුමරියෙනි?

අර තියෙන කඳුගැටය පේනවද?

ඔව්.

මවුන්ට් වෙදර්.

විකිරණ වලින් පෙඟිච්ච කැලයක් තියෙනවා අපියි අපේ ඊලඟ කෑම වේලයි අතර.

එයාලා අපිව බැස්සුවේ වැරදි කන්දට.

අන්න ඒක.

අපි දන්නවා එයාලා ගොඩ බැස්ස බව. ඒත් පණිවුඩ හුවමාරුව ඇණහිටලා.

ඒ කියන්නේ භූමියේ තත්වය අපි තාමත් දන්නෙ නෑ කියන එකයි.

ඇබීගේ අත් පළඳනා වලට ස්තූතිවන්ත වෙන්න...

...අඩුමගානේ අපි දන්නවා ඒ තත්වයන් කොහොමද...

...මනුෂ්‍ය ශරීරයට බලපාන්නේ කියලා.

ඒක අපි අවුරුදු 100 ක් තිස්සෙ දැනගත්ත දේවලට වඩා වැඩි දෙයක්.

ඉතින් නියම වැඩක්.

දැන් මොනාද ඒවලින් අපිට කියන්නෙ?

දෙන්නෙක් මැරිලා. අඳුරු ඒවා.

වෛද්‍ය ජැක්සන්, කරුණාකර අපේ න්‍යාය කවුන්සිල් සභික කේන් එක්ක බෙදාගන්න.

අනිවාර්යයෙන්ම.

එයාලා ගොඩ බැහැලා තාම ගෙවුණේ විනාඩි 7 ක් වුණත්...

...මේ වෙද්දි අපි හිතනවා මරණ සිදුවුණේ...

...ගොඩ බහිද්දි වෙන්න අනතුරු නිසා මිස විකිරණ හින්දා නෙවෙයි කියලා.

පිරිමි ළමයි දෙන්නම මැරුනේ යානයත් එක්ක සම්බන්ධය නැතිවෙච්ච වෙලාවෙමයි.

- අපහසු ගොඩබැසීමක්? ඒකද න්‍යාය? - ඒ වගේ පේනවා.

ඔයාලා එකඟ වෙනවද ඒ විකිරණ හින්දනම් එහෙම...

...මේ වෙද්දි මරණ සංඛ්‍යාව සෑහෙන වැඩිවෙයි කියලා?

මොකද මට සෑහෙන රතු අගයන් පේනවා.

ජීවත් වෙන්න අත්‍යාවශ්‍ය දේවල් හිඟ වෙමින් යනවා. කාරණා දෙකක් හින්දා වෙන්න පුළුවන්.

එක බාද්දි වෙච්ච තුවාල.

අනික?

එයාලා ආපු එක ගැන තිගැස්මෙන් ඉන්නේ.

ප්‍රශ්න වගයක් තියෙනවා.

පණිවුඩ හුවමාරු පද්ධතිය වැඩ නෑ.

මම වහලෙට ගියා.

පැනල දුසිම අතුරුදහන්.

රස්නෙට වයර් පිච්චිලා.

දැන් වදගත්ම දේ මවුන්ට් වෙදර් වලට යන එක.

දැක්කද? බලන්න.

මේ අපි.

මේ අපිට බේරෙන්න ඕනා නම් යන්න ඕනා තැන.

කොහෙන්ද ඕක කරන්න ඉගෙන ගත්තේ?

ඔයාගේ තාත්තා.

නියමයි, සිතියමක්.

මේ නගරේ බාර් එකක් එහෙම තියෙනවද? මම බියර් එකක් අරගෙන දෙන්නම්.

පැත්තකට වෙනවද?

ඒයි, ඒයි.

අත අහකට ගන්නවා. එයා අපේ කෙනෙක්.

සංසුන් වෙන්න.

අපි කොහෙද ඉන්නෙ කියලා හොයාගන්න හැදුවේ.

අපි ඉන්නේ පොළවේ. ඒක මදිද ඔහේට?

අපි මවුන්ට් වෙදර් හොයාගන්න ඕනා.

මගේ තාත්තගේ පණිවිඩය ඇහුනනේ.

ඒක තමා අපි මුලින්ම කරන්න ඕනා දේ.

එයාට කෙළවෙච්ච දෙන්.

ඔයා හිතෙන්නෙ ඔයා මෙතන ලොක්කා කියලද?

ඔයයි ඔයාගේ පොඩි කුමාරිකාවයි?

ඔයා හිතන්නෙ අපි නායකයා ගැන වදවෙනවා කියලද?

අපි මවුන්ට් වෙදර් වලට යන්න ඕනා.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left