Hum Dono

Hum Dono

Sinhala സബ്ടൈറ്റിൽ ഡൗൺലോഡ് ചെയ്യുക

റിലീസ് വിവരങ്ങൾ

Hum Dono 1961
കമന്ററി എഴുതിയത് wntg
You Tube search name - Hum Dono - Dev Anand, Nanda - with English Subtitles - Romantic Movie YouTube - Video Running Time 02.28.33

ടാഗുകൾ

other
പ്രസിദ്ധീകരിച്ചത്: 2021-12-05
ഡൗൺലോഡുകൾ: 32
ശ്രവണ വൈകല്യമുള്ളവർക്ക്: No

Sinhala സബ്ടൈറ്റിൽ പ്രിവ്യൂ

ആദ്യത്തെ 200 വരികൾ.

You Tube - Video Running Time 02:28:33

You Tube search name - Hum Dono - Dev Anand, Nanda - with English Subtitles - Romantic Movie

- සර්, මම කෑම ලෑස්ති කරන්නද? - මීටා තවම ආවේ නැද්ද?

ඔබ හැමදාම වෙලාවට, කෑම ගන්නවා, මැඩම් නම් හැමදාම ප්‍රමාද වෙනවා.

- ඇය ඒවි. - හරි සර්.

- අර බලන්න. - මොකක්ද?

- වල්ගා තරුවක්. - ඒක පැහැදිලි නැහැ.

නමුත් එය නොවෙනස්ව තිබෙනවා.

ඔබ දිගටම තරු ගණන් කර කර ඉන්න. මම යනවා.

- මෙච්චර ඉක්මනට? - දැනටමත් හොඳටම රෑ වෙලා.

රාත්‍රිය ඉවර වෙන්න තව වෙලාව තිබෙනවා.

දැන් මගේ මුළු ජිවිතයම ඔබ පමණයි. මගේ ජීවිතය ඔබට අයිති වෙන්නේ...

...විවාහයෙන් පසුව පමණයි.

ඒ දවස එන්නේ කවදාද? - ඔබ කැමති දවසක.

ඔබ හෙට ආවොත් මගේ තාත්තාව හමුවෙන්න, ඔහුගෙන් අහන්න.

- ඔබේ තාත්තාගේ නම ඇහුනත් මට බය හිතෙනවා. - ඔබට පිස්සු.

ඔහු මගෙන් මොනවා අහයිද, මම ඔහුට පිළිතුරු දෙන්නේ කොහොමද?

- හැමදේම හොඳින් සිදු වේවි. - නීටා, මම...

- ප්‍රමාද වෙන්න එපා. තාත්තා වැඩිවෙලා බලාගෙන ඉන්නේ නැහැ. - හරි.

- ලස්සන ඇඳුමක් ඇඳගෙන එන්න. - මම ටයි එකකුත් දාගෙන එන්නම්.

- නීටා, සුභ රාත්‍රියක්! - සුභ රාත්‍රියක්!

අපි දැන් කෑම ගනිමුද?

මම ටිකක් පරක්කු වුණා. තාත්තාට කන්න තිබුණනේ.

අම්මා, මම පරක්කු වුණා. ඔබට ආහාර ගන්නයි තිබුණේ.

මම ඔබ එනකම් බලාගෙන හිටියේ, පුතා.

අම්මා, මම කී වතාවක් ඔබට කිව්වද, මම එනකම් ඉන්න එපා කියලා.

වෙන කෙනෙක් ඔබ එනතුරු බලා සිටින දවස එනතුරු මම මේ බලාගෙන ඉන්නේ.

ඔබේ පුතා සමඟ විවාහ වන මෝඩයා කවුද?

ඔබ සමඟ බොහෝ කාලයක් ගත කරන එකම කෙනා.

ඔබ මා ගැන සියල්ල දන්නවා. මම අම්මාගෙන් තවත් මොනවා සඟවන්නද?

- මම ඇගේ පියාව හමුවීමට යනවා හෙට. - ඒක ඇත්තක් ද?

ඊට පෙර ඔබේ ආශිර්වාදය ඔබේ පුතාට ලබා දෙන්න.

සැමවිටම මගේ ආශිර්වාදය ඔබට තිබෙනවා. මට තිබෙන බය ඔබ...

...හඳ බලාපොරොත්තු වීම. - අම්මා, ඇය හඳක් වගේ තමයි...

...නමුත් ඇය ඉන්නේ පොළොවේ. අහසේ නොවේ.

ඔහු දුප්පත්, නමුත් ඔහුගේ හදවත ඉතා ධනවත්. ඔබ ඔහුට කැමති වේවි.

දුව, ඔබ කිව්වොත් මේ ජලය නොවෙයි කිරි කියලා, මම එය පිළිගත යුතුද?

නැහැ. නමුත් මම කිව්වොත් මේ කිරි කියලා, ඔබ එය පිළිගන්නේ නැද්ද?

හරි, හෙට අපිට දැනගන්න පුළුවන් ජලය මොනවද, කිරි මොනවද කියලා.

වෙලාවට වැඩ නොකරන කෙනෙක් ගැන මට පැහැදීමක් නැහැ.

තාත්තා, ඔබ ඔබේ වයසත් සමඟ කලබල වෙනවනේ.

මොනවහරි දෙයක් වෙලා තියෙනවා. නැත්නම් ආනන්ද් කියන්නේ...

...සම්මුඛ පරීක්ෂණයට නොගිහින් හෝ මෙහි එන කෙනෙක්.

පුද්ගලයෙකුට තම රැකියාව අත්හරින්න පුළුවන් නම්...

...ගැහැනු ළමයාගේ තාත්තාව මුණගැහෙන්න, මට ඔහු ගැන පැහැදීමක් නැහැ.

ඔබ ඔහුව නොදැක ඔහුට විරුද්ධ වුණොත්, මම ඔහුට කියනවා...

...මගේ ජීවිත කාලය පුරාම මම අවිවාහකව සිටින බව.

මට අයිතියක් නැද්ද ඔබේ තාත්තා විදියට ඔබ සමඟ විහිළුවක් කරන්න?

පළමු වතාවට පුද්ගලයෙක් මෙහි එනවා මගේ ආදරය උදුරා ගන්න.

ඔබ නොමැතිව, මේ නිවසම පාළුවෙලා යාවි.

නමුත් මට සහතික නම්, ඔබ අපේ අලුත් නිවසේ සතුටින් ඉඳීවි...

...මගේ දුක අඩු වෙලා යාවි.

ඔබේ තාත්තා ගැන විශ්වාසය තබාගන්න. මම ඔහුව තෝරා ගනීවි...

...ඔබේ සතුට වෙනුවෙන්. ඔහුව ප්‍රතික්ෂේප වෙන්නත් පුළුවන්...

...ඔබේ සතුට වෙනුවෙන්.

මට විශ්වාසයි ඔබ නිසැකවම ඔහුට කැමති වෙයි කියලා.

ආනන්ද්, මේ මගේ තාත්තා.

ඔබ සිතිය යුතුයි මට කෙතරම් ප්‍රමාද වෙලාද කියලා.

මම මීට වඩා ප්‍රමාද වෙන්න තිබුණා, මම ඔබේ ස්ථානයේ සිටියා නම්.

එය ඔබේ රැකියාව පිළිබඳ කාරණයක්. ඔබට රැකියාව ලැබුණාද?

නැහැ, ප්‍රමාද වෙන නිසා මම සම්මුඛ පරීක්ෂණයෙන් ඉවත් වෙලා ආවා.

කරුණාකර වාඩිවෙන්න.

මම තේ සූදානම් කරන්නම්.

මට තිබෙන කනගාටුව තමයි, ඔබ වගේ කඩවසම් පුතෙක් මට නොමැති වීම.

මට ගොඩක් ධනය සහ දේපල තිබෙනවා...

...යම් දවසක මීටාට දෙන්න.

මී පැණි දකින්න තියෙනකොට, මැස්සෝ ගොඩක් එනවා ඒ මතට.

- ඔබ අදහස් කරන්නේ... - මට අවශ්‍ය...

...මීටා සමඟ මේ නිවසේ සිට මගේ ව්‍යාපාරයට උදව් කරන බෑණා කෙනෙක්.

නමුත් අද කාලේ තරුණයෝ ඔවුන්ගේ කීර්තිය ගැන ගොඩක් හිතනවා.

ඔවුන් හිතන්නේ, මාමණ්ඩිගේ නිවසේ සිටීම ඔවුන්ට අපහාසයක් කියලා.

ඔව්, මහන්සියෙන් උපයාගත් සරල දේ හොඳයි.

ඔබත් එහෙනම් සරල දෙය ගැන විශ්වාස කරනවා.

...මම හිතන්නේ මීටාගේ සිතුවිලි... - මම හිතන්නේ මීටා පොඩි ළමයෙක් වගේ.

ඇය වියළි පාන් වලින් කවි දකිනවා, ඇයට හැමදාම හොඳ ආහාර පාන ලැබෙන නිසා.

දරිද්‍රතාවයෙන් ඈත්ව සිටි අයෙක් ආදර හැගීම් දකින්නේ...

...ඒ දේවල් තුළින්. මේ තමයි ධනවතකු සමඟ සෙල්ලම් කරන දේවල්...

...නමුත් ඇයට එම ආහාර ගන්න සිදු වෙනවා.

ආනන්ද්, දුප්පත්කම යනු මිනිසෙකුගේ ජීවිතයට ශාපයක්. ඔබ උත්සාහ කළ යුතුයි...

...එයින් පිටතට පැමිණීමට. දැන දැනම එතුළ සිටීම මෝඩකමක්.

මම ඒ කිසි දෙයක් දන්නේ නැහැ. නමුත් මම දන්නවා ආදරය.

ඔව්, ආදරය ඉතා බලවත්. ඒ වගේම ධනයට වඩා ශක්තිමත්.

මේ ඒ වගේ දෙයක් නොවේ. මෙය තරුණයින් තේරුම් ගත යුතු දෙයක්.

ඔව්, එය වැරදි ලෙස තේරුම් ගැනීම තරුණයින්ගේ ස්වභාවය.

ඔබ හිතන්නේ මගේ ආදරය බොරුවක් කියලද?

එය සත්‍ය බවට ඔබ සතුව ඇති සාක්ෂි මොනවාද?

මීටා කෙරෙහි ඔබේ සෙනෙහස සත්‍ය බවට ඇති සාක්ෂි මොනවාද?

ඔබ ඒ ප්‍රශ්නය ඇසීම ගැන මට සතුටුයි.

උපතින්ම මම වාසනාවන්ත නැහැ මීටා වගේ.

මීටාගේ මව මිය ගියේ මීටා උපදින විට. එතකොට මගේ වැටුප රුපියල් 150 යි.

මට හිතුනා රැකියාව අතහැරලා තාපසයෙක් වෙන්න.

නමුත් මගේ කුඩා මීටාගේ මුහුණ දැකීමෙන් පසු මගේ සෙනෙහස වැඩි වුණා.

එහි ප්‍රතිපල තමයි මේ විශාල ධනය, දේපළ...

...වටිනා ගෘහ භාණ්ඩ,දහස් ගණනක් වටිනා සැරසිලි සහ...

...මීටාව රැක බලාගත් සියලුම සේවකයින් පසුගිය...

...වසර 20 තුළ. මේ හැමදේම ඇය කෙරෙහි මා තුළ ඇති සෙනෙහස නිසයි.

ඔබ අද මෙතැනට ඇවිත් මට ආදරය ගැන දේශනා තියලා, සාක්ෂි ඉල්ලනවා...

...මගේ සෙනෙහස ඔප්පු කරන්න.

ඒකත් මේ රුපියල් 100 කට රැකියාවක් සොයාගන්න බැරි කෙනෙක්.

ඔබ පැමිණ ඇත්තේ මීටාගේ සතුට උදුරාගෙන යන්න...

...මීටාට බොරු පොරොන්දු දීලා.

ඉන්පසු ඇයව රැගෙන යනවා ඇය ඉතා අහිංසක නිසා.

ඔබ කොපමණ කාලයක් ඔබේ ආදරයෙන් ඇයව බැඳ තබාගන්නද?

අවුරුදු 2 ක්, 5 ක්? ඔබේ මුළු ජීවිත කාලය පුරාවටම ඔබට බැහැ ඇයට දෙන්න...

...ඇය දැන් ගත කරන ජීවිතය.

කරුණාකර මට සමාවෙන්න. මගේ සිත අවුල් වෙලා.

මම ඔබේ සහ මීටාගේ විවාහය පිළිගන්නවා.

ඇගේ සතුට තරම් මට වෙන කිසිම දෙයක් වටින්නේ නැහැ.

- තාත්තේ, ආනන්ද් කොහෙද? - ඔහු මෙතැන හිටියා.

ඔහු කොහෙද ගියේ?

ආනන්ද් පුතේ!

සුභ පැතුම් අම්මා! මට ඇහුණා ආනන්ද් හමුදා නිලධාරියෙක්...

...වෙන්න යනවා කියලා. - හමුදාවේ? - ඔහු දැන් යන්නයි හදන්නේ.

අම්මේ, ඔබේ වසර ගණනාවක ප්‍රාර්ථනාවට පිළිතුරක් ලැබුණා.

මට හොඳ රැකියාවක් ලැබුණා.

ඊට වඩා තව මොනවද, නමුත් මේ මොකක්ද?

ඔබ සන්සුන්ව වාඩිවෙන්න. මම හැමදෙයක්ම පැහැදිලි කරන්නම්.

ඇයි මොකද පුතා? ඔබ දුම්රියෙන් කොහෙද යන්නේ?

ඔබ කිව්වොත් මම යන්නේ නැහැ. නමුත් ධෛර්යවන්ත වෙන්න අම්මා.

ඔබ විතරයි මට ඉන්නේ. මාව දාලා යන්න එපා.

අම්මා, මම ආපසු නොඑන ගමනක් නොවෙයි යන්නේ.

එහෙනම්, ඇයි ඔබ මේ ඔබේ සියලුම දේවල් අරන් යන්නේ?

ඇයි මේ මගේ හදවත වේගෙන් ගැහෙන්නේ?

- ඔබේ හදවත ගොඩක් දුර්වලයි අම්මා. - ඇයි ඔබ පැහැදිලිව නොකියන්නේ...

...ඔබ හමුදාවට බැඳිලා මැරෙන්න යනවා කියලා.

ඔව් අම්මා, මම හමුදාවට බැඳෙන්න යනවා. නමුත් ඒ මැරෙන්න නොවෙයි.

නමුත් මතක තබා ගන්න, යම් දෙයක් ලබාගත් පසු මම අනිවාර්යයෙන්ම...

...නැවත එන බව. - නමුත් ඒ ඇයි? මොකක්ද ප්‍රශ්නේ...

...යමක් ලබාගන්න ඔබේ ජීවිතය පවා අවදානමට පත් කරන්න තරම්?

යම් දවසක මම ස්ථාවර තත්වයකට පත් විය යුතුයි.

- අර ගෑණු ළමයා මොනවා හරි කිව්වද? - නැහැ අම්මා.

- ඇගේ තාත්තා මොනවා හරි කිව්වද? - නැහැ අම්මා.

එහෙනම් මොකද වුණේ? ඔබ ඔබේ මහලු අම්මා ගැන සිතන්නේ නැද්ද?

ඔබට මොනවා හරි වුණොත්, කවුද මාව බලා ගන්නේ?

ඔබට මුකුත්ම වෙන්නේ නැහැ අම්මා. දෙවියන් වහන්සේ ඔබව ආරක්ෂා කරනවා.

පුතෙකුට බැරි නම් අම්මාව ආරක්ෂා කරන්න, ඇයි දෙවියන් වහන්සේ එහෙම කරන්නේ?

ඇයි ඔබට තේරෙන්නේ නැත්තේ, මේ ලෝකේ කිසිම බලයකට බැහැ...

...මාව නවත්වන්න, අම්මා.

ඔබේ කඳුළු පිස දමාගෙන, ඔබේ ආශිර්වාදය ඇතිව මාව යවන්න...

...මම සතුටින් ගිහින්, සතුටින් ආපසු එන්නම්.

මම දිගටම මෙහෙම අඬලා මැරිලා යාවි.

ඇයි ඔබ මේ වගේ අසුභ කතා කියන්නේ, අම්මා?

ඔබේ මේ වෙන්වීම කිසිසේත්ම මට දරා ගන්න බැරි වේවි.

බොහෝ පුතුන් යුද්ධයෙන් මිය ගියා. ඔවුන්ගේ අම්මලාට පිස්සු හැදුනා...

...දුක දරාගන්න බැරිව මිය ගියා. යුද්ධයෙන් ඔබ අතුරුදහන් වුණොත්...

...මගේ ඇස් වලින් මට ඔබව නැවත දකින්න නොලැබේවි.

ඒ ඔක්කොම ඔබ සිතින් මවාගත්ත දේවල්. මම ඔබව බලන්න ආපසු එනවා...

...මම ඔබව මේ විදියටම වැළඳ ගන්නවා ඇවිත්.

අඬන්න එපා. මට මේ දොරෙන් එළියට යන්න බැහැ...

...මෙහෙම දුකක් හිතේ දරාගෙන. මම බලවත් සතුරන් සමඟ සටන් කළ යුතුයි.

යන්න පුතේ. ගිහින් ඔබේ සතුරන් සමඟ නිර්භීතව සටන් කරන්න. නමුත්...

...මට බැහැ ඔබ යනවා බලන්න. දෙවියන් වහන්සේ ඔබව ආරක්ෂා කරයි.

අම්මා, අම්මා!

ආනන්ද්, ආනන්ද්!

- ඔබ ආනන්ද්ගේ අම්මා නේද? - කවුද ඔබ?

මගේ නම මීටා.

ආයුබෝවන් අම්මා!

- මගේ ගෙදරින් එළියට යන්න. - ඇයි?

මම කිව්වේ, මගේ ගෙදරින් එළියට යන්න කියලා.

කවුද මේ වෙලාවේ අඬන්නේ?

කවුද ඔබ, ඇයි අඬන්නේ, දුව?

මම මීටා. මමයි ඔබේ ලේලිය වෙන්න ඉන්නේ.

එහෙනම් ඇයි ඔබ එළියේ හිටගෙන ඉන්නේ? එන්න ඇතුළට.

එන්න, දුව.

ඇයි මෙතැන මෙතරම් අඳුරු?

මම නොවෙයි මෙය හැදුවේ. නමුත් අඳුර මෙතැනට ඇවිත්, දුව.

මේ ගෙදර ආලෝකය අද නැහැ.

ආනන්ද්! ආනන්ද් කොහෙද ගියේ?

ඔබ, ඔහුව යවපු තැන ඔහු ඇති.

මම ස්ථිරවම මේ නිවසට එන්නයි ඉන්නේ, ඒ නිසා...

...මට ඔහොම කතා කරන්න එපා.

ආනන්ද් කොහෙද ඉන්නේ කියලා දැනගන්න මටත් අයිතියක් තියෙනවා...

...ඇයි ඔබ මෙහෙම හැසිරෙන්නේ?

- එහෙනම් ඔබ ඒක දන්නේ නැද්ද? - මොකක්ද?

- ඔහු ගියා. - කොහෙද? - හමුදාවට බැඳෙන්න.

- ඒ ඇයි? - ඔහු දුප්පත් නිසා සහ ඔබ ධනවත් නිසා. - අනේ දෙවියනේ!

ඔබේ ධනය, ඔබ දෙදෙනා අතර තිබෙන තාප්පයක් වගේ.

මම හරිම අවාසනාවන්තයි.

ආනන්ද් පිළිගත්තා මාව. ඔබත් මාව පිළිගන්නවාද...

...ඔබේ ලේලි ලෙස?

ඔබ හරියට පොළොවට බැසගත් හඳක් වගේ.

- එහෙනම් මම මගේ ඇඳුම් ටික ගේන්නද? - මොකක්ද?

අපි ආනන්ද් එනතුරු බලාගෙන හිටියොත්, කාලය ගෙවිලා යාවි...

...ඉතා ඉක්මනින්ම. - නමුත් ඔබේ තාත්තා?

මගේ තාත්තා දුක් වේවි. නමුත් ඔබ තරම් නැහැ.

සිංහල උප සිරැසි සැකසුම :- විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.

කෝ මට දෙන්න බලන්න. "මේජර් වර්මා. ප්‍රාදේශීය මූලස්ථානය."

අපි එතනට ගිහින් ඔහුට මේක භාර දෙමු.

- ජෝන්, ඔබ මගේ මුදල් පසුම්බිය දැක්කාද? - නැහැ, සර්.

මට දැන් ඉඳලා වැඩක් නැහැ. මගේ පසුම්බිය කොහෙදි හරි වැටිලා.

- මේකෙන් ඔබේ දුක නැති වෙලා යාවි. - ස්තූතියි, ජෝන්.

මොනවද පසුම්බියේ තිබුනේ, මේජර් වර්මා?

අයියෝ නාත්, මොනවද එහි තිබුනේ නැත්තේ කියලා අහන්න.

ඒ වගේ වටිනා දෙයක් අහිමි වූ විට දැනෙන දුක දරාගන්න අමාරුයි.

- මොකක්ද ඒ? - නාත්, ඔබට තේරුම් ගන්න බැහැ...

...ඔබ විවාහ වෙලා නැති නිසා.

- ඔව්, මේජර් සර්. - මේජර් වර්මා ඉන්නවද?

- මොකක්ද? - මේජර් වර්මා!

මම හැමදාම මෙහෙම බොන්නේ නැහැ. අද ටිකක් වැඩිපුර පෙවුණා මට.

ඔබේ හැසිරීම හොඳ මදි.

Hum Dono subtitles in other languages

അഭിപ്രായങ്ങൾ

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left