The first 200 lines.
උපසිරසි ගැන්වීම සහ අදහස "දිල්ශාන් කාලිංග" විසිනි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න.
ඇනා, මගේ කාර් එක අරගෙන යන්න.
මම ඔයාට රෙකෝඩර් එක දුන්නා නේද?
- ඔව්, දුන්නා. - ඒ වගේම ඔයාගේ ළඟ ප්‍රශ්න ටිකත් තියනවා නේද?
- ඔව්. - ඒ වගේම ඔයා දන්නවා නේද කොහෙද යන්නේ කියලා?
ඔව්, මට GPS එකක් තියනවා ඒ වගේම ලකුණු 4 වුන GPA එකකුත්.
- මට ඒක කරගන්න පුළුවන්. - ඔයා ඒක එල්ලගෙනද ඉන්නේ?
හොඳයි, ටිකක් අඩුවෙන් කතා කරලා වැඩියෙන් කන්න ඕනේ.
SEATTLE 145 K.M.
සම්මුඛ සාකච්ඡාව - මැයි 5 සවස 2 ට.
කැවානා මෙනවිය?
- මම ඔයාගේ කෝට් එක ගන්නද? - ඔව්, හරි.
- ග්‍රේ මහත්මයා ඔයාව හමුවෙන්න ලෑස්තියි. - හොඳයි.
- කරුණාකරලා, මේ පැත්තෙන් එන්න. - හොඳයි.
මෙන්න මෙතනින්.
කැවානා මෙනවිය, ඔයා හොඳින්ද?
- ක්‍රිස්ටියන් ග්‍රේ. - මම ඇනස්ටාසියා ස්ටීල්.
කැවානා මෙනවියට උණ ගැනිලා, ඉතින් ඇය මට කිව්වා එයා වෙනුවට එන්න කියලා.
ඒකත් එහෙමද, එතකොට ඔයත් ඉගෙන ගන්නේ පුවත්පත් කලාවේදයද?
නෑ, ඉංග්‍රීසි සාහිත්‍යය. කේට් මාත් එක්ක එකට කාමරේ ඉන්නේ.
මම කිව්ව විදියටම, මට තියන්නේ විනාඩි 10 ක් විතරයි.
කරුණාකරලා, වාඩිවෙන්න ස්ටීල් මෙනවිය.
ස්තුතියි.
- ලෑස්තිද? - ඔයා කැමති ඕනෙම වෙලාවක.
හොඳයි.
ඉතින් මේක කරන්නේ, ශිෂ්‍ය පුවත්පතක විශේෂ උපාධි නිකුතුවක් වෙනුවෙන්.
ඔව් මම තමයි උත්සවයේ පිළිගැනීමේ කතාව කරන්න ඉන්නේ.
ඔයාද කරන්නේ?
මම කිව්වේ, මම දන්නවා.
මේ වගේ ආධිපත්‍යක් තියෙන්න ඔයා ගොඩක් තරුණ වැඩියි.
- ඒ වෙනුවෙන් ඔයා මොකටද ණයගැති.... - ඒ වෙනුවෙන් මම මොකටද ණයගැති වෙන්නේ?
- ඔව්. - සිරාවටම?
ඔව්..
ව්‍යාපාරයක් කියන්නේ මිනිස්සු එක්ක තියෙන දෙයක්, ඉතින් මං හැමවෙලාවෙම මිනිස්සුන්ට හොඳින් හිටියා..
මොනවා මඟින්ද එයාලා ධෛර්යමත් වෙන්නේ, මොන දේවල් වලින්ද ප්‍රබෝධමත් වෙන්නේ.
සමහරවිට ඔයා වාසනාවන්ත නිසා වෙන්න ඇති.
මම නිතරම දැක්කා, මං වැඩිපුර මහන්සි වෙලා වැඩ කරන කොට තමයි මට වැඩිපුර වාසනාව ලැබෙන්නේ කියලා.
මගේ සාර්ථකත්වයේ රහස තමයි පුද්ගලයින්ගේ දක්ෂතා හඳුනාගන්න එක.
- ඒ වගේම එයාලගේ මහන්සිය හසුරවන එක. - ඒ කියන්නේ ඔයා පාලනය කරන්න කැමති කෙනෙක්ද?
ඔහ්, මං හැමදෙයක්ම පාලනය කරන්න පුරුදුවෙලා ඉන්නේ ස්ටීල් මෙනවිය.
හොඳයි, ඔයාගේ සමාගම මූලිකවම සම්බන්ධ වෙලා ඉන්නේ..
...විදුලි සංදේශ අංශයේ.
එහෙමඋනත් ඔයා බොහොමයක් කෘෂිකාර්මික ව්‍යාපෘති වලත් ආයෝජන කරලා තියනවා.
අප්‍රිකාවේ කිහිපයකුත් ඇතුළුව. ඒවා ගැන ඔයාට විශේෂ කැමැත්තක් තියනවද?
ලෝක දුප්පතුන්ගේ සාගින්න නිවන්න?
ඒක තමයි දක්ෂලෙස ව්‍යාපාර කිරීම.
ඇයි ඔයා එකඟ නැද්ද?
මම ඒ ගැන වැඩිය දන්නේ නෑ.
මම මේ හිතුවේ, ඔයාගේ හදවත ඔයා ඉඩදෙනවට වඩා ටිකක් විතර විශාල උනා නම් කියලා.
ඒත් සමහර මිනිස්සු නම් කියන්නේ මට හදවතක් නැහැ කියලා.
- ඇයි එයාලා එහෙම දෙයක් කියන්නේ? - මොකද එයාලා මාව හොඳට දන්න නිසා.
කරගෙන යන්න.
වැඩ හැරෙන්න ඔයාට වෙන මොනවහරි ගැන කැමැත්තක් තියනවද?
මම විවිධ ශාරීරික පරිශීලන වලින් විනෝද වෙනවා.
ඔයා තනිකඩයෙක්, ඔහ්..ඔයා අරන් හදාගෙන තියන්නේ අවු.4 දී.
ඕවා තියෙන්නේ ලිපිලේඛන වලට විතරක් සීමා වුන දෙයක්.
මට සමාවෙන්න, මම හිතුවේ නෑ....
ඔයාට අහන්න "නියම" ප්‍රශ්නයක් තියනවද ස්ටීල් මෙනවිය?
ඔව්.
ඔයා සමලිංගිකයෙක්ද?
ඒක මේකේ තියන දෙයක්, මම නිකම්....
නෑ, ඇනස්ටේසියා. මම සමලිංගිකයෙක් නෙමෙයි.
මම සමාව ඉල්ලනවා ග්‍රේ මහත්මයා, කේට් ටිකක් විතර...
- අමුතු විදියයි? - කුතුහලයෙන් යුතුයි.
එතකොට ඔයා ගැන මොකද?
ඇයි ඔයා මගෙන් අහන්නේ නැත්තේ, ඔයාට දැනගන්න ඕනේ දේවල් ටිකක්?
ඔයා කළින් කිව්වා ඔයා ගැන හොඳින් දන්න මිනිස්සු වගයක් ඉන්නවා කියලා.
ඇයි මට හිතෙන්නේ ඒක ඇත්තක් නෙමෙයි කියලා?
ග්‍රේ මහත්මයා, ඔයාගේ ඊලඟ හමුව තියෙන්නේ සාකච්ඡා කාමරේ.
කරුණාකරලා ඒක අවලංගු කරන්න. අපි මේක තාම ඉවර නෑ.
හොඳයි සර්.
නෑ...මම යන්නම්.
- ඒකට කමක් නෑ. - මට කැමතියි ඔයාගේ ගැන තව දැනගන්න.
මගේ ගැන දැනගන්න තරම් ගොඩක් දේවල් නෑ.
ඔයා කිව්වේ ඔයා ඉංග්‍රීසි සාහිත්‍යය ඉගෙන ගන්නවා කියල නේද? මට කියන්න Charlotte Brontë, Jane Austen සහ Thomas Hardy...
...ගෙන් කව්ද ඔයාව ඒකට වශී කෙරෙව්වේ?
Hardy.
මම හිතුවේ Jane Austen වෙන්න ඇති කියලා.
උපාධියෙන් පස්සේ ඔයා කරන්න හිතාගෙන ඉන්නේ මොකක්ද?
මං දැනට හිතන්නේ අවසාන විභාගෙ පාස් වෙන එක විතරයි.
- එතනින් පස්සේ? - ඊට පස්සේ මං හිතාගෙන ඉන්නේ මෙහෙට...
..Seattle වලට කේට් එක්ක එන්න.
අපි හොඳ නේවාසික වැඩමුළුවක් පවත්වගෙන යනවා.
මම හිතන්නේ නෑ මම මෙහෙට ගැලපෙයි කියලා.
- බලන්න මාව! - ඒක තමයි මම කරන්නේ.
ග්‍රේ මහත්මයාගේ කාර්යාලය
මම හිතනවා ඔයාට ඕනේ හැමදෙයක්ම ලැබුණා කියල.
මම හිතන්නේ ඔයා උත්තර දුන්නේ ප්‍රශ්න 4 කට විතරයි.
- ඇනස්ටේසියා. - ක්‍රිස්ටියන්.
අපොයි!!
- ඔයා මොනවත් කියන්න කලියෙන්.... - ඔයා නම් සුර දූතියක්, මේක නම් නියමයි.
මොනවා?
මට මේ දැන් එයාගේ E-mail එක ලැබුණේ, එයා හැම ප්‍රශ්නෙකටම උත්තර දීලා.
ඉතින්? එයා මොන විදියේ කෙනෙක්ද?
- එයා අවුලක් නෑ. - අවුලක් නෑ! අවුලක් නෑ විතරද?
එයා හරිම ආචාරාශීලියි, ගෞරවනීයයි, විධිමත්. ඒ වගේම පිරිසුදුයි.
පිරිසුදුයි?
ඔයාට තේරෙනවනේ, මම කිව්වේ පෙනුමයි.
ඒ වගේම දැඩි අදහස් තියන, කෙනෙක් නම්මගන්න පුළුවන් විදියේ කෙනෙක්.
- මට හිතාගන්න පුළුවන් සිත් ඇදගැනීමේ හේතුව. - ආ...හා.
- ඇයි ඔයා මගේ දිහා ඔය විදියට බලන්නේ? - මොන විදියටද?
හරි.
- මම හදන්නේ සැන්ඩ්විච් එකක් හදන්න, ඔයාටත් ඕනෙද? - අනේ එපා.
ඔයාට පිළිගන්න නම් වෙනවා, එයා පිස්සුවට්ටන තරම් සරාගීයි කියලා.
මට විශ්වාසයි ඔයා නම් ඒ වගේ මිනිස්සුන්ට වහ වැටිලා ඉන්නවනම්, එතකොට.....
සරාගී විදියේ මිනිස්සුන්ටද?
මම එයාගෙන් ඇහුවා, එයා සමලිංගිකද කියලත්. ඒක ඔයාගේ ප්‍රශ්න ගොඩේ තිබුණේ.
- ඇයි ඔයා මට එහෙම දෙයක් කරේ? - මොකද එයා ප්‍රසිද්ධ තැන් වල පෙනී ඉන්නකොට...
...කවදාවත් කෙල්ලෙක් එක්ක ෆොටෝ එකක ඉඳලා නෑ. ඉතින් සාමාන්‍යයෙන්....
සමහරවිට එයාට ඕනේ ඇති එයාගේ පෞද්ගලික ජීවිතේ පෞද්ගලික විදියටම තියාගන්න කේට්.
- එතකොට දැන් ඔයා එයා වෙනුවෙන් පෙනී ඉන්නවා. - මේ කතාව ඇති දැන්.
ගොඩක් දුකයි ඔයාගේ සරාගී, පිරිසිදු අවු.27 බිලියනපතියගේ...
...ඇත්ත ෆොටෝ ටිකක් අපි ළඟ නැති එකට.
කැමරා එකත් ඔයා තරමට එයාට කැමති වේවි.
හරි, මට බඩගින්නක් තිබුණේ නම් නෑ, ඒත් දැන් තියනවා.
ඔයාට ස්තුතියි.
- ඇනා, මම ඔයාව හොය හොයා හිටියේ? - මොකද වෙන්නේ?
- හිතන්න බලන්න. - මොකක්ද?
Portland's Place මගේ ෆොටෝ ඊළඟ මාසේ ප්‍රදර්ශනය කරන්නයි හදන්නේ.
මගේ දෙවියනේ!
සුබපැතුම්, ඒක ගොඩක් හොඳයි.
- ඒක සෑහෙන්න සතුටක්. - අපි පස්සේ සමරමුද?
- මොකද ඇත්තටම මං වැඩට යන්න සෑහෙන්න පරක්කුයි. - ඔව්, කමක් නෑ, ඔයා යන්න.
- ඉන්න, ඉන්න. - ස්තුතියි, ඔයා තමයි මගේ වීරයා.
- පස්සේ හම්බවෙන්නම්. - හරි.
අම්මේ, මම වැඩ කරන ගමන්. පස්සේ කතා කරන්නද?
නෑ, මම කතා කරේ දෙයක් කියන්න.
බොබ් ගොල්ෆ් ගහන්න ගිහින් කකුල කඩාගෙන.
දෙවියනේ එයා හොඳින්ද? ගොඩක් වේදනාවෙන්ද ඉන්නේ?
කව්ද දන්නේ? මිනිහා දොස්තර කෙනෙක්ට කතාකරා බිබිළි දාපු නිසා.
ඒ කියන්නේ, අපිට උපාධි උත්සවය වෙනුවෙන් එන්න බැරි වෙයි.
ඇත්තටමද? ඔයාට තනියම එන්න පුළුවන්නේ. බොබ්ව එක්කගෙන එන්න උවමනාවක් නෑ.
එයාව තනියම දාලා එන්න පුළුවන් උනා නම්.
- ඔයාට තේරෙනවා නේද පැටියෝ? - ඔව්, ඔව්. කමක් නෑ.
- මට දැන් තියන්න වෙනවා. - ඔයාට මම ආදරෙයි ඇනා.
මං දන්නවා, මමත් ඔයාට ආදරෙයි.
දෙවියනේ.
- ඇනා, පොඩ්ඩක් ඇවිත් මට උදව් කරන්න පුලුවන්ද? - හරි, මම දැන්මම එන්නම්.
- මම හිතුවා ඒ ඔයා වෙන්න ඇති කියලා. - මොන ම.....
මොන තරම් මනස්කාන්ත පුදුමයක්ද ස්ටීල් මෙනවිය.
ඇනා කියල කිව්වම ඇති. ඔයා මෙහේ.....
මම වැඩකට ආව ගමන්, මට බඩු ටිකක් ගන්න උවමනාව තිබුණා.
- ඔයා නිකම්ද ඉන්නේ? - ඔව්....මම කොහොමද ඔයාට උදව් කරන්න ඕනේ?
ඔයාලා ළඟ බඳින යොත් තියනවද?
බඳින යොත්, ඔව් තියනවා, ඔයාට ඕනේ නම් මට පුළුවන් පෙන්නන්න.
- කරුණාකරලා, ඔයා ඉස්සර වෙන්න ස්ටීල් මෙනවිය. - "ඇනා" විතරයි.
- එච්චරද? - මාස්කින් ටේප්.
- ඔයා ගෙදර වෙනස් කරනවද? - නෑ..
අපි ළඟ තියනවා අඟල් 1 වගේම, අඟල් 2 ත්. ඒත්, ඇත්තටම තමන්ට ගරු කරන ඕනේ වැඩක් කරන්න කරන්න...
...පුළුවන් කෙනෙක්ගේ ආයුධ පෙට්ටියේ නම් මේ දෙකම තියෙන්න ඕනේ.
අනිවාර්යෙන්ම එහෙම වෙන්න ඕනේ.
මේ දවස් වල විචාරකයෝ හොයාගන්න එක සෑහෙන්න අමාරු වැඩක්...
- ඔයාට ඕනේ වෙන මොනවත් තියනවද? - ඔව්, ලණුවක්.
ඒක සිත් ඇදගන්නවා. ඔයා බාල දක්ෂිකාවක්ද?
නෑ, කණ්ඩායම් වැඩ සංවිධානය කරන එක මම කැමති දෙයක් නෙමෙයි.
- එතකොට ඔයා කැමති මොනවටද? - අනේ මන්දා, පොත්!
හොඳයි, ලණු, ටේප්, බඳින යොත්. ඔයා පෙන්නේ නිකම් භායනක ඝාතකයෙක් වගේ.
- අද නෙමෙයි. - වෙන මොනවත්?
- ඔයා කියන්නේ මොනවා ඕන වේවිද? - ඔයාට තනියම කරගන්නද?
ආවරණයක් වගේ දෙයක්, එතකොට ඔයාගේ ඇඳුම් ටික වහගන්න පුළුවන්.
- එහෙම නැත්නම් මට පුළුවන් ඇඳුම් සේරම ගලවන්න. - හරි, ඇඳුම් එපා.
මම කිව්වේ, ආවරණ එපා. මට වෙන දෙයක් හිතාගන්න අමාරුයි.
- මම හිතන්නේ, ඒක වෙන්න ඕනේ. - හොඳයි.
කොහොමඋනත් කේට්ගේ ප්‍රශ්න වලට උත්තර දුන්න එකට ස්තුතියි.
- එයා විකාර වෙලා වගේ හිටියේ. - මම හිතනවා එයාට අවුලක් වෙන එකක් නෑ කියලා.
ඒත් එහෙම තමයි, එයාට තියන ප්‍රශ්නේ තමයි ඔයාගේ ඇත්ත ෆොටෝ එකක් හොයාගන්න බැරි එක.
එයා ඇත්තම එකකට කැමති නම්, මට හෙට වගේ එන්න පුළුවන්.
- ඔයා ඇත්තටම කැමතිද? - ඔව්.
- ඇනා, ඔයා වෙනුවෙන් මම බෑග් එකකට දාලා දෙන්නද? - එපා, අවුලක් නෑ, ස්තුතියි පෝල්.
හොඳයි.
මම නැවතිලා ඉන්නේ Heathman එකේ. 10 ට කලින් මට කතා කරන්න.
- මං කිව්වේ ෆොටෝ වැඩේට. - ඔහ්, හරි. මම කථාකරන්නම්.
විනෝද වෙන්න ඔයාගේ....
මේක කරනවට ආයෙමත් ස්තුතියි ග්‍රේ මහත්මයා.
- උදව් කරන්න ලැබීම සන්තෝසයක්. - අපි හිනාවත් එක්ක කීපයක් අරගත්තොත් හොඳයි නේද?
නැත්නම් නැතුව උනත්.
ඔයාට තේරුණාද එයා ඔයාගේ දිහා බලන එක නැවැත්තුවෙම නෑ කියලා?
එයා මගෙන් ඇහුවා මේක ඉවරවුණාම කෝපි එකක් බොන්න යන්න.
මොනවා?
කේට්...ශ්.
එයා ඔයාගේ ආදරවන්තයද?
- කව්ද? - ෆොටෝ ගත්ත කෙනා.
- ජෝසේ? නෑ. - මම දැක්කා එයා ඔයා එක්ක හිනහ උන විදිය.
නෑ, ජෝසේ හරියම මගේ පවුලේ කෙනෙක් වගේ. එයා මගේ ආදරවන්තයා නෙමෙයි.
- එතකොට කඩේ හාදයා? - පෝල්ද? නෑ.
ස්තුතියි.
- ඔයා කලබල වෙලා වගේ. - මට පෙන්නේ ඔයා තැතිගන්වන සුළුයි වගේ.
ඔයා එහෙම වෙන්න ඕනේ.
- කන්න. - ඒ වගේම අනිත් අයගේ හැඟීම් වලින් වැඩකුත් නෑ.
මං මගේම විදියකට පුරුදු වෙලා ඉන්නේ.
එහෙනම් ඔයා සෑහෙන්න කම්මැලි වෙන්න ඕනේ.
- මට ඔයාගේ පවුල ගැන කියන්න. - මගේ පවුල? හරි.
මගේ තාත්තා මැරුණේ මම පොඩි ළමයෙක් කාලෙමයි.
ඉතින් මාව හැදුවේ මගේ සුළු- පියා රේ.
- එයා නියම කෙනෙක්. - එතකොට ඔයාගේ අම්මා?
මගේ අම්මා දැන් ඉන්නේ 4 වෙනි සැමියා එක්ක, එයා "අති" ප්‍රේමනීය කෙනෙක්.
- එතකොට ඔයා? - මම ප්‍රේමණීයද කියලද ඇහුවේ?
මම ඉංග්‍රීසි සාහිත්‍ය හදාරන්නේ. ඉතින් මම එහෙම කෙනෙක් විය යුතුයි.
ඒත් ෆොටෝ ගත්ත වැඩේ හොඳට උනා නේද? කේට් සෑහෙන්න සතුටෙන් වගේ හිටියේ.
- මට සමාවෙන්න, මට බෑ.... - මොකද?
No comments yet. Be the first to leave one.